Saturday, April 24, 2010

පෙර පාසලේ ක්‍රීඩා උත්සවය..

මෙහෙම ටිකෙන් ටික කාලය ගත වුනා. අනූ පෙර පාසලේ ක්‍රීඩා උත්සවයටත් සහභාගි වුනා. අනූට එදා අඳින්න වුනේ රතු පාට නිල ඇඳුමක්. ඒ අනූගේ නිවාසයේ පාට රතු නිසා.

විකට ඇඳුම් තරඟයටත් හිටියා.ඒ අරාබි කාන්තාවකට. ඒ ඇඳුම නම් ටිකක් කරදරයක්.ඇවිදිනකොට බිම ගෑවෙනවා.

සංගීත පැදුරු තරඟෙට හිටියාට ඉක්මනටම අයින් වෙන්න වුනා. සීනි බෝල ඇහිඳීමත් ඒ වගේම තමයි. එකම එකයි ඇහිලුවේ.

ක්‍රීඩා උත්සවය අනූට අමුතුම අත්දැකීමක්. එයා ඒකට බොහෝම කැමති වුනා.

2 Comments:

Thameera said...

සැහ්, අරාබි කාන්තාව මැවිල පේනවා
:D

Harshani said...

අයියෝ..මොන්ටිසෝරි ළමයෙක්ටත් ඉන්න නැති හැටි .. ;)