Sunday, April 25, 2010

අප්පච්චී, විශ්ව විද්‍යාලය මොන වගේද?..

අනූගේ අප්පච්චී අනූ පුංචි කාලේ නිතරම අප්පච්චිගේ විශ්ව විද්‍යාලය ගැන විස්තර කියනවා. දවසක් පුංචි අනූ එක පාරටම ඇහුවා "අප්පච්චී, විශ්ව විද්‍යාලය මොන වගේද?" කියලා.

අප්පච්චි දුන්නු උත්තරේ තමයි "ඒක අමුතුම ලෝකයක්, ගිහිල්ලාම බලන්න ඔනේ" කියලා.

ඒ උත්තරේ අනූගේ හිතේ කාවැදිලයි තිබ්බේ. අනූ එදා හිතා ගත්තා කොහොම හරි විශ්ව විද්‍යාලට යනවා කියලා.
පුංචි ළමයි එක්ක වැඩ කරන්නේ බොහොම පරිස්සමෙන්. හිතේ දෙයක් කාවැදුනොත් ආයෙත් වෙනස් කරන්න බැහැ.

2 Comments:

Unknown said...

මම දැන් තමයි වතුර ගහන්න පාරට බැස්සේ. ඉතින් මොන කැම්පස් එකටද ගියේ ?

Harshani said...

දිගටම කියවන්න.. :)