Sunday, April 25, 2010

අනූ අයෙත් පාසල් යයි..

අනූව අත්තටම ඉස්කොලේ යවන්න කාලය උදාවුනා. අම්මා නම් හරිම බයෙන් හිටියෙ අනූ අයෙමත් ගෙදර නවතියි කියලා.

අනූට යන්න වුනේ නගරයේ පාසලකට. ආයෙමත් පාසල් වෑන් රථයේ නැගිලා පරණ යාළුවොත් එක්ක. නර්මදා නම් එවෙන විටත් හිටියේ ඉදිරි පෙලේමයි.

මුලින්ම ඉස්කොලේ ගිය දවසේ ගුරුතුමී අනූට හෝඩි පොත කියෙව්වා. ඊට පස්සේ අනූ ගුරුතුමීට බුලත් දීලා වැන්දා. පන්තියනම් හරිම ලස්සනයි. එත් අනූට වුන කරදර වල හැටියට කවුද දන්නේ ඉන්න යාළුවෝ මොන වගේද කියලා.

අම්මා අනූව පන්තියටම ගිහිල්ලා ගුරුතුමීට භාර දීලා එද්දී අනූට අපහු ගෙදර යන්න නොහිතුනාම නෙමෙයි. එත් එයා "ජින්සෙන් කුමාරි" වගේ නිර්භීත වුනා.

2 Comments:

රවා said...

ජින් සෙන් හරිම පුදුම ඉස්කොලෙ හිටපු පුංචි කුමාරි වගෙද

Harshani said...

නැහැ..ජින්සෙන් කුමාරි කැලේ හැදුනු ළමයෙක්..එයාගේ හොඳම යාලුවෝ තමයි සත්තු..