Sunday, April 25, 2010

නේවසිකගාරයෙන් සමු ගැනීම..

නේවාසිකගාරයේ යහළුවන් එක්ක අනූ හවසට සෙල්ලම් කලා. විවිධ ප්‍රසංගයකුත් පැවැත්වූවා. අම්මයි අප්පච්චියි දෙන්නම හැම සෙනසුරාදාම අනූව බලන්නත් අවා. ඒත් අනූට ගෙදර යන්න අවසර තිබ්බේ දිග සති අන්ත තිබ්බොත් විතරයි. ඒ නිසා අනූට කලාතුරකින් තමයි ගෙදර යන්න පුලුවන් වුනේ. අය්යාත් දිගටම ලියුම් එව්වා.

වැඩි කාලයක් අනූ හිටියෙ අසනීප වෙලා ගෙදර. එක වාර විභාගයකුත් ම්ඟ ඇරුණා. ගෙදර ඉඳලා නේවාසිකාගාරයට එන දවසට ගෙදර එකම යුද්ධයක්. අන්තිමට නේවසිකගාරයටම ඇවිත් ඉන්න බැහැ කියලා හොඳටම ඇඬුවාම අප්පච්චි කිව්වා ආපහු ගෙදර යමු කියලා.

එදායින් පස්සේ අනූ කවදාවත් ගෙදරින් පිට හිටියේ නැහැ.

2 Comments:

රවා said...

මෙන්න වතුර කො තාම 12 හට ආවෙ නැද්ද..

Madhuranga Rathnayake said...

ගෙදර ඉන්නවා තරම් සැපක් වෙන කොයින්ද :(
දුවමු දුවමු තව ටිකයි. මම වතුර ගහන්න ඕන නිසාම ආව :)