Saturday, April 24, 2010

අනූගේ පාසල් ගමන..

මුල් ගුරුතුමී අනූව එක්කගෙන ගියා එකේ පන්තියට. අනූව භාර කලා එහි හිටිය ගුරුතුමීට. අනූ බොහොම සතුටින් තමයි ඒ පන්තියට ගියේ. මොකද එක පාරටම අනූගේ ඉස්කෝලෙ යන සිහිනය සැබෑ වුනානේ.

පෙර පාසල් යන වයසේ වුනාට අනූට හොඳට අකුරු ලියන්න පුළුවනි. ඒ නිසා ටික දවසකින් දෙකේ පන්තියට දැම්මා. දෙකේ පන්තියේ වැඩ නම් ටිකක් අමාරුයි. එත් අනූ හරිම ආඩම්බරෙන් තමයි දෙකේ පන්තියේ හිටියේ.

අනූ අප්පච්චි එක්ක බොහොම සතුටින් ඉස්කොලේ ගියා දෙකේ පන්තියේ ළමයෙක් එක්ක රණ්ඩු කර ගන්නකල්ම. ඇත්තමයි කියන්නේ ඒ ළමයා අනූට ගැහුවේ අනූ මොනවත් හිරි හැරයක් කරලා නෙමෙයි.

එයින් අනූගේ අප්පච්චී සමඟ පාසල් ගමනත් නැවතුනා..

3 Comments:

රවා said...

අනුට පාසල් යන්න මෙන්න මගෙන් වතුර පාරක්..

Anonymous said...

එල එල ඔහොම යන්

Raven said...

තව ලියමු. මගෙනුත් වතුර පාරක් මෙන්න.