Saturday, April 24, 2010

අනූගේ මුල්ම ගුරුතුමා..

අප්පච්චී ගැන්ත් කියන්නම ඕනෑනේ. අප්පච්චීත් පාසල් ගුරුවරයෙක්.

අප්පච්චී ගොඩක් හොඳට දනගෙන හිටියා සිංහල, ඉතිහාසය, භූගෝලය වගේ විශයන්. අප්පච්චි තමයි අනූට අකුරු ලියන්න, කියවන්න, ගනන් කරන්න ඉගැන්නුවේ.

අප්පච්චී අනූට තරු රටා, ගස් කොළ, සතා සිවුපාවා ගැන කියලා දුන්නා. හැමදාම අප්පච්චි පඩි ගත්ත දවසට අනූට කතන්දර පොතක් ගෙනාවා. අනූ ළඟ ලොකූ පොත් එකතුවක් තියෙනවා ඒ නිසා. අප්පච්චි තමයි අනූව ලියන්න, කියන්න දිරිමත් කලේ.
අදටත් අනූ හරියට සිංහලෙන් ලියන්නේ අප්පච්චිගේ මහන්සිය නිසායි.

අප්පච්චිටත් අනූ හරිම ආදරෙයි ඒ අප්පච්චි ගහක් වගේ අනූට හැමදාම හෙවන දුන්න නිසායි.

2 Comments:

Anonymous said...

හොඳා හොඳා.. ඊලඟට කවුරු ගැනද අපිට කියන්නේ....!

Thameera said...

නියමයි
මේ කමෙන්ට් කරන මෙතඩ් එක Settings වලින් Embedded කියන වෙනස් කරානම් comment කරන්න ලේසියි