Saturday, April 24, 2010

පෙර පාසල් ගමනක නිමාව...

දවසක් මහීමා අසනීප වෙලා එයාට පෙර පාසල් එන්න බැරි වුනා. එදා අනූට හරිම පාළුයි.

පෙර පාසලේ යාළුවෙක් ගෙදර යන්න ඉල්ලලා අඬන්න පටන්ගත්තා. ඒකට ගුරුතුමීට හොඳටම කේන්තියි. ළමයාව සනසාගන්න බැරි වුන තැන ගුරුතුමී වේවැලෙන් පහරක් ගැහුවා. වේවැල් පහර සද්දෙට මුළු පෙර පාසලම නිහඬ වුනා. ඒ අනූ වේවැලක් දැක්ක පළමුවැනි වතාව. අම්මා අනූට කේන්ති ගිය වෙලාවට හනසු ඉරු වලින් ගහලා නොතිබ්බාම නෙමෙයි.

එදා තමයි අනූ කැමත්තෙන් පෙර පාසල් යන්න අවදිවුන අන්තිම දවස..

5 Comments:

Madhawa Habarakada said...

අනේ පවු. :(

රවා said...

එල පෙර පාසල් සිද්දි වලින් ද පටන් ගන්නෙ

said...

මැරතන් එකට පොඩි වතුර පාරක්.....

Anonymous said...

Hmm...after few hrs...

Raven said...

හ්ම්..
ලියමු තව දිගටම.