Sunday, April 25, 2010

මල්ලිගේ දත් ගිලීම..

සීයාගේ දානෙන් පස්සේ හැමෝම යනවා මුහුදේ නාන්න.

අනූ වැඩියෙන්ම සෙල්ලම් කලේ මල්ලිලා දෙන්නත් එක්ක.අක්කලා දෙන්නගේ සෙල්ලම් වලට අනූ කැමති වුනේ නැහැ.

දවසක් දක්ෂිණ මල්ලිගේ දතක් තිබ්බා වැටෙන්න. කට්ටිය මුහුදට ගිහින් නාලා, සෙල්ලම් කරලා හොඳටම සීතල බීම බෝතලයක් බිව්වා. ටික වෙලාවකින් අනූ දැක්කා මල්ලිගේ කටින් ලේ එනවා. දත තිබ්බෙත් නැහැ. මල්ලි දත ගලවලා විසිකරලත් නැහැ. වූණායැයි සිතිය හැකි එකම දේ තමයි දත ගිලීම.

කොහොම හරි අපේ මල්ලිගේ නම ප්‍රසිද්ද වුනා දත් ගිල්ලෙක් විදියට.

2 Comments:

මිත්‍රයා said...

දත් කඩේ මුදලාලි කෙනෙක් දැක්කා නම් ඉවරයි...

දොඩන් said...

දත බඩට යන්න ෂොට් එකක් කෑවද කවුද දන්නෙ