Sunday, April 25, 2010

සිරිපාලයි ගුණපාලයි..

කත්ළුවේ සීයාගේ දානෙට යන්න හැමෝම ඉන්නේ දවස් ගැන ගැන. කට්ටියම අවුරුද්දකට සැරයක් එකතු වෙන්නේ එදාටනේ.

කොහොම හරි නාට්‍යයකට සෙනඟ ඉන්නවා එදාට. පොඩි ළමයි කට්ටිය එකතු වෙලා නාට්‍යයක් කලා එක පාරක්. නාට්‍යය තමයි "සිරිපාලයි ගුණපාලයි". අනූගේ අය්යා තමයි අධ්‍යක්ෂක.

අනූත් අඬලා අඬලා චරිතයක් ඉල්ලා ගත්තා. එකේත් දෙබස් නැහැ.සිරිපාල ගෙදර සීනි නැති තැන ගෙදරට එන අමුත්තට ලුනු දාලයි තේ හදන්නේ. අනූ තමයි අමුත්තා.

කොහොමහරි ඇවිල්ලා හිටිය කට්ටියට ටිකට් ගහලත් විකිනුවා.කඳුලු එනකල් හැමෝම හිනා වුනා හරිම විනෝදයි.

3 Comments:

Roshanherath said...

දන්නවානම් අපිටත් එන්න තිබුණා නෙව බලන්න...

මිත්‍රයා said...

එකේත් දෙබස් නැහැ
අභිරූපන රංගනයක් ද?

Harshani said...

අනූට තිබ්බේ කෑ ගහගෙන දුවන්න විතරයි :(