Sunday, April 25, 2010

ජින්සෙන් කුමාරි..

අනූ පොත් කියවන්න හරිම කැමතියි. අනූට අප්පච්චී මුලින්ම ගෙනැත් දුන්න කත්න්දර පොත තමයි "ජින්සෙන් කුමාරි".

ඒක ජපන් කතන්දර පොතක්. ලොකු පින්තූර තියෙන පින්තූරේ යට පුංචි අකුරින් කතාව ලියලා තියෙන පොතක්. අනූට ඒක තෑගි ලැබුනු කාලේ අනූ අකුරු කියවන්නවත් දන්නේ නැහැ. ඉතින් අනූ ඒක අරගෙන හැමොම ලඟට යනවා කතාව කියවා ගන්න.

හැබැයි තාත්තම්මා විතරක් එක එක දවසට එක එක කතන්දර කියනවා. ඊට පස්සේ තමයි අනූ දැන ගත්තේ තාත්තම්මාටත් එයාට වගේම අකුරු බැරි බව.

පස්සේ අනූටත් පුලුවන් වුනා පින්තූරේ බලාගෙන කතන්දරය හරියටම කියන්න.

අනූ පුංචි කාලේ හීන මැව්වේ "ජින්සෙන් කුමාරි" වගේ වෙලා හැමෝටම උදව් කරන වීරවරියක් වෙන්නයි.

කොහොම හරි අනූ කොයි වෙලාවෙත් මේ පොතම අරගෙන ඇවිදින නිසා හැමෝම අනූට "ජින්සෙන් කුමාරි" කියන්න පටන් ගත්තා.

3 Comments:

Thameera said...

මේක කියෙව්වම මගෙත් පොඩි කාලෙ මතක් වුණා. ලියන්ඩෝන පෝස්ට් එකක්

ශාකුන්තල | Shaakunthala said...

ජීන්ස් කුමාරි..! :D

Nisansa Dilushan said...

මං පොඩි කාලේ හැමෝටම කියලා පොත් කියව ගන්නවා. ඔය අතර තිබුනා ඉංග්‍රීසියෙන් ලියපු Human Anatomy පොතක් ඒක කවුරුවත් මට කියවන්නේ නෑ. පුංචි අම්මා එනකම් ඉන්න කියනවා. ඒ කාලේ පුංචි අම්මා හිටියේ medical college එකේ. ඉතින් එයා ආවම මම ගිහින් පොත කියව ගන්නවා.

එක වසරේ කාලයෙන් වැඩි හරියක් මම හිටියේ කරාපිටිය රෝහලේ නැවතිලා, ප්‍රතිකාර ගන්න. ඉතින් ඔහොම ඉන්න කොට දොස්තරලා medical students ලාත් එක්ක rounds යන්න එනවානේ. ඉතින් ඒගොල්ලෝ අල්ලපු ඇඳේ හිටපු ළමයාගේ X-Ray අවුවට අල්ලලා බලනකොට medical students ලා මුකුත් කියන්න කලින් මම පැනලා කටුවේ නම කියනවාලු. :-)

ඒ ගොල්ලෝ කියලා තිබුණා මම දොස්තරකෙනෙක් වෙයි කියලා. කෝ ඒක වුනේ නෑනේ. :-S